පිළිකාව නසන්න ලංකාව හැදූ ඖෂධයට චීනය අතගසයි . . .

කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජෛව රසායනල අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ පිළිකා සෛල නැසීමෙන් යුත් පෝෂක ඖෂධය පිළිබඳ චීනය උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.

චීන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු මේ වන විටත් එම ඖෂධයේ සාම්පල ඉල්ලා ඇති බව මහාචාර්ය සමීර සමරකෝන් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර ඇත.

මේ අතර මෙම ඖෂධය නිපදවා වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ රෝගීන්ට ලබා දී ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිචාර ඉතා සුබදායී මට්ටමක පවතින බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම මේ වන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ බලය කොළඹ විශ්වවිද්‍යාලය විසින් දේශීය සමාගමකට පවරා ඇති බවත් නිෂ්පාදනය කරන ලද ඖෂධ රෝගීන් වෙත නිකුත් කිරීමේ දී එම කටයුතු සම්බන්ධීකරණය වෛද්‍යවරුන් හරහා ම සිදු කිරීමට අවශ්‍ය කටයුතු ද සලසා ඇති බව ද මහාචාර්ය සමීර ආර් සමරකෝන් මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරේ හර්තාලයක් . . .

Fri Jul 28 , 2023
මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා අද හර්තාලයක නිරත වූහ. හර්තාලයට සහය පලකරමින් උතුරු පළාතේ ධාවනය වන පෞද්ගලික බස්රථ , ත්‍රීරෝධ රථ සහ වෙනත් පොදු ප්‍රවාහන සේවා ධාවනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් පාසල් අධ්‍යන කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x