ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ට අයත් සුඛෝපභෝගි බස් රථයක් හපුතලේ ප්‍රදේශයේ දී ඊයේ දිනයේ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු හා ඇමතිවරයාට අයත් සුරතල් බලු පැටියා පමණක් එහි සිට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
අනතුරෙන් බස් රථයට හානි සිදු වී තිබුණද රියදුරුට හෝ බලු පැටවාට අනතුරක් සිදුවී නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
මෙම බස් රථය බලු පැටවාට ඇති වී තිබෙන අසනීපයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම බස් රථය පෙරළී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බවයි පැවසෙන්නේ.
මෙම බස් රථය ඇමැතිවරයා විසින් වෙන් කර ඇත්තේ සුරතල් බලු පැටවුන් ප්‍රවාහනය සඳහා යැයි රියදුරා පවසා තිබෙන අතර, මෙම අමාත්‍යවරයාට සුරතල් බලු පැටවුල් රැසක් සිටින බවද රියදුරා විසින් සඳහන් කර තිබේ.
-
Aruna