පාසල් සපත්තු සහ බෑග් මිල පහතට . . .

පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත.

පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව නිෂ්පාදකයන් විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බව මෙහිදී කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, එම වාසිය සුවහසක් පාසල් දරුදැරියන් වෙනුවෙන් ලබාදීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ස්තූතියද පළකර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිළිකාව නසන්න ලංකාව හැදූ ඖෂධයට චීනය අතගසයි . . .

Thu Jul 27 , 2023
කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජෛව රසායනල අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ පිළිකා සෛල නැසීමෙන් යුත් පෝෂක ඖෂධය පිළිබඳ චීනය උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි. චීන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු මේ වන විටත් එම ඖෂධයේ සාම්පල ඉල්ලා ඇති බව මහාචාර්ය සමීර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x