උතුරේ හර්තාලයක් . . .

මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා අද හර්තාලයක නිරත වූහ.

හර්තාලයට සහය පලකරමින් උතුරු පළාතේ ධාවනය වන පෞද්ගලික බස්රථ , ත්‍රීරෝධ රථ සහ වෙනත් පොදු ප්‍රවාහන සේවා ධාවනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් පාසල් අධ්‍යන කටයුතු සහ පාසල් වෙත ළමුන්ගේ පැමිණීම අඩුවක් පැවති අතර ගමනා ගමන පහසුකම් නොමැතිවීමෙන් රාජ්‍ය ආයතනවලටද දැඩි බලපෑමක් එල්ලවිය.

යාපනය , මුලතිව් , කිලිනොච්චිය , මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කයන් හි සියළු ව්‍යාපාරික ස්ථාන වසා දමා හර්තාලයට සහය පලකොට තිබූ අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක විය.

කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් පිරිසක් පසුගිය ජුනි 29 වැනිදා බැකෝ යන්ත්‍රයකින් කාණු කපා ජල නළ එළීමේදී පොළව යට තිබී මිනිස් අස්ථි කොටස් හා හමුදා නිලඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් හමුවිය.

කෝකිලායි පොලිසිය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයටතේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකළ අතර එහිදී මිනිස් අස්ථිකොටස් කිහිපයක් හා හමුදා නිලඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් සොයාගෙන තිබූ අතර එය යුද සමයේ මියගිය එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියකගේ සිරුරක කොටස් බවට විමර්ශන නිලධාරීන් හදුනාගෙන තිබිණ.

  • සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඕනෑම මැතිවරණයට සූදානම් . . .

Fri Jul 28 , 2023
සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹදී  පැවසීය. අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සවෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බැවින්  රජයට රට ගොඩනැගීමට  නොහැකි නම් ජන වරමකට යා යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දීමට රජය කටයුතු කළ යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x