කෘත්‍රිම බුද්ධි​යන් හැදූ නිවේදිකාව . . .

පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත.

ඔඩීෂා ප්‍රාන්ත වැසියන් ලීසා ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ තම ප්‍රාන්තයේ පුවත් නාළිකාවක් කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බවය. බොහෝ දෙනා පවසන්නේ තමන් පුවත් නරඹන්නේ, ලීසා සැබෑ නිවේදිකාවක් යැයි සිතමින් බවය.

‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර ඇත්තේ, දියුණු නවීන තාක්ෂණය භාවිත කරමින් ලීසා නිර්මාණය කළ බවය.

කෘත්‍රිම බුද්ධි නිවේදිකාවන් එසේත් නැතිනම් AI නිවේදිකාවන් ඩිජිටල් පුවත්කරණය අලුත් මඟකට යොමු කරනු ඇති බව ද ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර තිබේ.

මේ වනවිට ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කීපයක පුවත් නාළිකා ද සැබෑ පුවත් නිවේදක නිවේදිකාවන් වෙනුවට කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වුණු නිවේදක නිවේදිකාවන් යොදා ගනිමින් පුවත් ඉදිරිපත් කිරීම සිදුකරයි.

මෙය අනාගතයේ නිවේදක නිවේදිකාවන්ගේ රැකියාවට තර්ජනයක් වනු ඇතැයි ද බියක් හටගෙන ඇත.

‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ ලීසා හඳුන්වා දීම සිදු කළේ එම නාලිකාවේ 25 වැනි සැමරුමට සමගාමීවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැරදීමකින් මවකගේ උදරයට ගෝස් කිලෝවක් දමා මහලා . . .

Fri Jul 28 , 2023
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් මුලතිව් රෝහලේදී සිදු කළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් එකක් පමණ බර ගෝස් කැබැල්ලක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාමි පුරුෂයෙකු 27 වනල්දා ඉල්ලීමක් කොට තිබෙනවා. මෙහිදී,  බිරිදගේ ස්වාමී පුරුෂයා සඳහන් කර ඇත්තේ, දරු ප්‍රසූතියක් සදහා මුලතිව් රෝහලට ඇතුළත් කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x