වැරදීමකින් මවකගේ උදරයට ගෝස් කිලෝවක් දමා මහලා . . .

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් මුලතිව් රෝහලේදී සිදු කළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් එකක් පමණ බර ගෝස් කැබැල්ලක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාමි පුරුෂයෙකු 27 වනල්දා ඉල්ලීමක් කොට තිබෙනවා.

මෙහිදී,  බිරිදගේ ස්වාමී පුරුෂයා සඳහන් කර ඇත්තේ, දරු ප්‍රසූතියක් සදහා මුලතිව් රෝහලට ඇතුළත් කළ තම බිරිද රෝහලේදී සීසේරියන් සැත්කමකට භාජනය කළ බවත් ඉන් පසුව ඇගේ උදරයේ හට ගත් වේදනාව දින ගණනාවක් යන තුරුත් පහව ගොස් නොමැති නිසා ඇයව වාර 12 ක්ම මුලතිව් රෝහලට රැගෙන ගිය බවත් ය.

අදාල ස්වාමි පුරුෂයා විසින් සිදුකළ පැමිණෙන්නේ,  වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තමාටත් තම බිරිදටත් සිදු වූ මානසික කම්පනය හා බිරිදගේ ශාරීරික වේදනාව වෙනුවෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වග කිව යුතු වෛද්‍යවරුන්ට කිසියම් දඩුවමක් ලබා දිය යුතු බව වෙනවා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍යවරු තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් පත් කොට තිබෙන බව සඳහන්.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මත්ද්‍රව්‍ය චෝදනාවන්ට කුවෙට් හිරගෙදර සිටින ශ්‍රී ලාංකිකයින් . . .

Fri Jul 28 , 2023
විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80 ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා අද (28) පැවසීය. මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරු වූ වී කුවේට්හි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x