2023 ලොව උණුසුම්ම මාසය . . .

මේ වසරේ ජුලි මාසය ස්ථිර වශයෙන්ම ලොව උණුසුම්ම මාසය වනු ඇති බව විද්‍යාඥයින් පවසයි.

ලෝකය පුරා තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස මේ වනවිට ඉහළ ගොස් තිබේ.

ඇතැම් විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ පසුගිය වසර 120,000 තුළ ජුලි මාසය උණුසුම්ම මාසය විය හැකි බවය.

2019 උණුසුම්ම වසර ලෙස වාර්තාගත වී තිබුණි.

කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාවට අනුව ලෝකයේ උණුසුම්ම දිනය ජුලි 06 වනදා ලෙස නම්කර තිබේ.

1940 වසරේදී දෛනික ගෝලීය වායුගෝල උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ක පැවැති අතර මේ වනවිට එය සෙල්සියස් අංශක 17ක අගයක් දක්වා ළඟාවී ඇති බව වාර්තා වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මගී යාත්‍රාවක් පෙරලී පුද්ගලයින් 19 ක් ජීවිතක්ෂයට . . .

Fri Jul 28 , 2023
මගී යාත්‍රාවක් පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති නමුත් අනතුරින් පසු එහි සිටි 40 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x