පොල්දූව වටරවුම ආසන්නයේ පිහිටි කතානායක නිල නිවස ඉදිරිපිට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් 2,812,350 වටිනා යකඩ බට සහ යකඩ ක්ලිප් තොගයක්සොරාගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විදුලි පරිපථවල සවිකර තිබූරුපියල් 2,100,000වටිනා වයර් කපාගෙන හොරාගෙන බව කියන පුද්ගලයන් දෙදෙනකු ද සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම කොට්ඨාස නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අතර කාර්මිකයින් දෙදෙනකු ද පෙදරේරු වෘත්තියේ යෙදෙන අයකු ද සහ කුලී වැඩ කර ජීවිකාව ගෙන අයකු ද සිටින බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සිව්දෙනා අවුරුදු 50 35 19 සහ 20 යන වයස්වල පසුවන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අය වෙති.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය