බැසිල් දණ නමයි . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන්ට අමාත්‍යධූර හිමි නොවුනා කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය නොදී සිටීමට හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රී පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

තම මතයට එකඟව ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට සහාය දීමෙන් පලක් නැති බව බව මෙම පිරිස පෙන්වා දී ඇති අතර මෙතෙක් අමාත්‍යධුර නොලැබීම  සම්බන්ධයෙන් ද ඔවුන් තම නොසතුට පල කර ඇත.

කෙසේ වෙතත් අමාත්‍යධුර නොලැබුණු පමණින් ජනාධිපතිවරයාට සහාය නොදී සිටීම පොදු ජන පෙරමුණ පෙරමුණේ මතයට කරන හානියක් බව ද තම පක්ෂයට ලැබුන ජනවරම අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයාට දිගටම සහයෝගය දිය යුතු බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත.

නමුත් ජනවරමට පිටුපා යන තත්ත්වයකට ජනාධිපතිවරයා පත් වූවොත් ඒ ගැන අවධානය යොමු කර ඒ මොහොතේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වනාන්තරයකින් හමු වූ පුදුම සහගත මායා නගරය . . .

Sat Jul 29 , 2023
වසර 1,000 කට පෙර අතහැර දමා ඇති නගරයක් මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ කැම්පෙචේ වනාන්තරයට ඉහළින් සිදු කළ පැය හතරක ගුවන් ගමනකදී ලේසර් සිතියම්ගත කිරීමක් මගින් හමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හූස්ටන් විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන Juan Carlos Fernandez-Diaz විසින් එක දිනක් තුළ ප්‍රදේශයේ ගුවනින් සිදුකළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x