විදෙස්ගත වන ශ්‍රමිකයින්ට පුහුණු පාඨමාලා ඇරඹේ . . .

විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර තිබේ. 

විදේශ සේවා නියුක්ති කාර්යංශයත් සමග ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට පසුගිය දිනෙක අත්සන් තැබුවේ ය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න පැවසුවේ, සෑම මධ්‍යස්ථානයකම තවත් පාඨමාලා 50% කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට නියමිත බවයි.

තවත් 4000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 206 න් 107 ක් මෙයට යොදවා තිබේ.

සන්ධ්‍යා කාලයේ හා සති අන්තයේ මෙම පාඨමාලා පැවැත්වෙන බැවින් රැකියාවක නිරත වන අයෙකුට වුවද මෙය සිදු කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0117 277 888 සහ 0117 270 270 යන දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකි ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ජපානයෙන් අවස්ථාවක් . . .

Sat Jul 29 , 2023
ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ගිවිසුමකට අත්සන් තැබූ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව ජපාන විශ්වවිද්‍යාල වලදී මෙරට රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා ඉන් අවස්ථාව හිමිවෙයි. දෙරට අතර අත්සන් තැබූ ගිවිසුමට අනුව අදාළ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 611ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x