ඉන්ධන පිරවුම්හල් හිමියන්ට විශේෂ දැනුම් දීමක් . . .

නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බවට ද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග ඊයේ (ජූලි 29) දවස වන විට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති අතර ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කර ද නොමැති බව ය.

ඒ අනුව, ඊයේ දිනය වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාමට අසමත් වී ඇති සහ ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඇණවුම් නොකරන ලද ඉන්ධන පිරවුම්හල් පහත දැක්වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් හදිසියේම වසා දමයි . . .

Sun Jul 30 , 2023
යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු මොස්කව් ගුවන්තොටුපළ වසා දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් නගරයේ මූල්‍ය සහ ව්‍යාපාර සමාගම් කාර්යාල ගොඩනැගිලි දෙකකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බවයි. ඊයේ (29) රාත්‍රී මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 500ක් දුරින් පිහිටි මොස්කව් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x