යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු මොස්කව් ගුවන්තොටුපළ වසා දමා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් නගරයේ මූල්‍ය සහ ව්‍යාපාර සමාගම් කාර්යාල ගොඩනැගිලි දෙකකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බවයි.
ඊයේ (29) රාත්‍රී මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 500ක් දුරින් පිහිටි මොස්කව් සහ ඒ අවට ප්‍රදේශයකට අදාළ ඩ්‍රෝන ප්‍රහාර 03ක් එල්ල වී ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් එම ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර ගොඩනැගිලි දෙකකට අලාභහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.