ලංකා විදුලි බල මණ්ඩලය දැවැන්ත අර්බුදයක . . .

ලංකා විදුලි බල මණ්ඩලය මෙම වසරේ දී රුපියල් කෝටි 5,000 ඉක්මවූ අලාභයක් ලැබෙනු ඇතැයි එහි ජේෂ්ඨ ඉංජිනේරුවන් කියා සිටිති.

මෙසේ පාඩු ලබන්නේ විදුලි ගාස්තුව දෙවරකදී 75%කින් පමණ ඉහළ දමා තිබියදීය.

දැනට රටේ අවශ්‍යතාවය අනුව අඛණ්ඩව විදුලිය සපුරාලීමට ඩීසල් බලාගාර වලින් විදුලිය ලබාගැනීම නිසා මෙතරම් පාඩුවක් සිදු වෙමින් තිබේ.

මීට අමතරව ගල් අඟුරු මිල ගණන් හා ඒවා මෙරටට ගෙන්වීමේදී නෞකා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ද මෙම පාඩු ඉහළ යාමට බලපා ඇත.

කෙසේ වෙතත් වෘත්තීය සමිති චෝදනා කරන්නේ වැඩි මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීමෙන් මණ්ඩලය බංකොලොත් කර ආයතන විකුණා දැමීම ඇතැමුන්ගේ ඉලක්කය වී ඇති බවටයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට විශේෂ දැනුම් දීමක් . . .

Sun Jul 30 , 2023
නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බවට ද අමාත්‍යවරයා දැනුම් දී ඇත. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x