වසර 23ක් පැරණි වාර්තාවක් බිඳහෙළයි . . .

මීටර් 400 ඉසව්වේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් බිඳහෙළීමට කාලිංග කුමාරගේ ඊයේ (29) සමති වී තිබේ.

ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමිනි.

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරඟය ඊයේ පැවැත්වුණි.

එහිදී තත්පර 45.07කින් තරගය නිම කළ කාලිංග කුමාරගේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් වසර 23ක් පැරණි රොහාන් ප්‍රදීප් කුමාර විසින් පිහිටුවා තිබූ එම ඉසව්වේ තරඟ වාර්තාව බිඳ හෙළිමට සමත්විය.

සුගත් තිලකරත්නගෙන් පසු මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වේගවත්ම කාලය ලෙසද මෙය වාර්තා අතරට එක්වුණි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශීතකරණයේ දොර මත රඳවා තිබුණු වාසනාව . . .

Sun Jul 30 , 2023
තම ශීතකරණයේ දොර මත රඳවා තිබුණු ලොතරැයි පතකින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් ජයග්‍රහණය කළ කාන්තාවක පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි. සිඩ්නි නුවරට ආසන්න නගරයක් වන ලෙපිංටන් නගරයේ දිවි ගෙවන කාන්තාවක මෙම ත්‍යාග මුදල ජයග්‍රහණය කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේ ය. අදාළ ලොතරැයි පත ජූනි මස 24 වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x