ශීතකරණයේ දොර මත රඳවා තිබුණු වාසනාව . . .

තම ශීතකරණයේ දොර මත රඳවා තිබුණු ලොතරැයි පතකින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් ජයග්‍රහණය කළ කාන්තාවක පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

සිඩ්නි නුවරට ආසන්න නගරයක් වන ලෙපිංටන් නගරයේ දිවි ගෙවන කාන්තාවක මෙම ත්‍යාග මුදල ජයග්‍රහණය කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේ ය.

අදාළ ලොතරැයි පත ජූනි මස 24 වන දා දිනුම් ඇද තිබුණ ද එය තම නිවසේ ඇති ශීතකරණයේ දොර මත රඳවා තිබුණු අතර, ඇය එය පරීක්ෂාවට ලක් කර නොමැත.

කෙසේ වෙත ත්, ඇය තම නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය මිල දී ගැනීමට නිවසින් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ ලොතරැයි පත දැක, එය මිලට ගෙන ටික කලක් ගත වී ඇති බැවින් එය පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.

ලොතරැයි පත ස්කෑන් කළ අවස්ථාවේදී, එය අයත් සමාගමට හැකි ඉක්මනින් දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසට පණිවිඩයක් ලැබී ඇත.

එහිදී තමන් ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් දිනා ඇති බවට දැනගෙන තිබේ.

උකස් කර ඇති තම නිවස එම මුදලින් බේරා ගැනීමට කටයුතු කරන බවට ත් ඉතිරි මුදල තම දරුවන්ගේ ශුභසාධනය වෙනුවෙන් යොදවන බවට ත් ඇය ප්‍රකාශ කර ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.

  • Tharaka
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට තෑගි එවන AusiGift වටලයි . . .

Sun Jul 30 , 2023
ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් ලබාගෙන මෙරට තුළ  බෙදහරින AusiGift නමැති අන්තර්ජාල භාණ්ඩ බෙදාහරින ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පසුගිය සිකුරාදා (28) වටලනු ලැබීය.  තොටළඟ පිහිටි ස්ථානයකදී වැටලීම සිදුකර තිබූ අතර, එහි තිබී කල්ඉකුත් වූ භාණ්ඩ කිහිපයක් හා ව්‍යාජ ලෙස දින වෙනස් කර අලෙවියට සූදානම් කළ භාණ්ඩ ගණනාවක් නිලධාරීන්ට හසුකරගත හැකිවිය. නීති රෙගුලාසිවලින් තොර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x