හෝටල් පුහුණුව ඇත්නම් මගී නැව්වල රැකියා . . .

හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවන් දහතුන් දහසකට වෘත්තිය අවස්ථා සැලසීමට ජාත්‍යන්තර නැව් සමාගම් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය සමග එකඟතාවකට පැමිණ ඇත.

එම සමාගම් නියෝජිතයන් පිරිසක් පසුගිය සතියේ මෙරටට පැමිණ ඇති අතර සිය මගී නෞකාවල පවතින වෘත්තිය අවස්ථා පිළිබඳව ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමග සාකච්ඡා කර තිබේ.

හොටල් කළමනාකරණ පුහුණුව සඳහා මෙරට පවතින පහසුකම් සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත් වූ බව ඇමැතිවරයා පැවසීය.

පුහුණුව සඳහා වන විෂය නිර්දේශයන්ද එම සමාගම්වලින් ලබාදීමට නියමිත අතර ඒ අනුව එම පුහුණුව සඳහා ඉදිරි මාස කිහිපය ඇතුළත සිසුන් බඳවා ගැනීමටද අමාත්‍යාංශය සූදානම් වෙයි. මීට අදාළව නැව් සමාගම් සහ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම ඉදිරි සති දෙක ඇතුළත අත්සන් කිරීමටද නියමිතය.

මේ අතර විදෙස් රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්තිය පුහුණු අධිකාරිය ආරම්භ කළ පුහුණු පාඨමාලා සඳහා මේ වන විට පන්දහසක් පමණ එක්ව සිටිති.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොර ඔප්පු හදා ඉඩම් පවරාගත් අයෙක් අල්ලයි . . .

Sun Jul 30 , 2023
ව්‍යාජ ඔප්පු මගින් ඉඩම් දෙකක් පවරා ගැනීම සහ ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්  පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි . සැකකරු පදිංචි නිවසේ තිබී අන්සතු විදේශ ගමන් බලපත්‍රයක්, අන් සතු රියදුරු  බලපත්‍  11ක් අන්සතු ජාතික හැඳුනුම්පත් 4 ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x