දමයන්ති දර්ශා රට හැර යයි . . .

පදක්කම් ලාභී ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිනීයද වන දමයන්ති දර්ශා ශ්‍රී ලංකාව අත්හැර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබේ.

මෙරට මලල ක්‍රීඩා බලධාරීන් තමන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවත් එවැන් තත්වයක් තුළ තමන් ශ්‍රී ලංකාව හැරයාමට තීරණය කළ බවද ඇය මාධ්‍ය වෙත පවසා ඇත.

“ඇත්තටම අපි ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ දේවල් කැප කරපු ක්‍රීඩිකාවන්. එහෙත් අපේ දැනුමෙන් හැකියාවෙන් මෙරට මලල ක්‍රීඩාවට දෙයක් කරන්න බැහැ. ඉතින් ඒ නිසා මම තීරණය කළා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යන්න. නැවතත් දැන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.” යැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ඒ අනුව මේ වනවිට ඇය සිය සැමිය සහ දරු තිදෙනා සමග ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා මෙරටින් පිටව ගොස් ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලාල් සරත් කුමාර අභාවප්‍රාප්තවේ . . .

Tue Aug 1 , 2023
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හඬ කැවීමේ ශිල්පියකු ලේඛකයකු සහ රංග ශිලිපියකු වන ලාල් සරත් කුමාර මහතා  අභාවප්‍රාප්ත විය. මිය යන විට 69 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි. ආරියරත්න රණබාහු

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x