ක්‍රවුන් මුදුව ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි . . .

රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් 1996 වසරේදී මියගිය ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා පැළඳි ක්‍රවුන් නම් මුදුව ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 32 කට ආසන්න) මුදලකට වෙන්දේසියකින් මිලදී ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මුදුව මෙතෙක් අලෙවි වී ඇති වටිනාම හිප්-හොප් කෞතුක වස්තුව ලෙසද හඳුන්වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. වෙන්දේසියේදී මෙම මුදුවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක ආරම්භක ලංසුවක් තබා තිබුණත් අවසානයේ ඩොලර් මිලියනයක ලංසුවක් තබා මෙම මුදුව රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් මිලදී ගනු ලැබ ඇත.

ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා 1996 වසරේ සැප්තැම්බර් 4 වැනිදා ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි එම්.ටී.වී සම්මාන උළෙලේදී මෙම මුදුව පැළඳ සිට තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ව්‍යාජ වීසා පෙන්වා ඉතාලියට පනින්න ගිය යුවළක් අත්අඩංගුවට . . .

Wed Aug 2 , 2023
කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්‌තේ යාපනය , චන්කනායි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් සහ 28 හැවිරිදි තරුණියකි. මෙම යුවළ ඊයේ සවස 05ට අබුඩාබි බලා පිටත්ව යන එටිහාඩ් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x