වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වහයි . . .

බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

රෝග ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය (27) සිට රැදවියන් හමුවීම ඇතුළු බන්ධනාගාර රැදවියන්ගේ ක්‍රියාකාරකම් සඳහා සීමා පනවා තිබූ අතර රෝගී රැදවියන් වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ  ඊයේ (31) සිට වසාදැමීම සඳහා පියවරගත් බව පැවසීය.

වවුනියාව බන්ධනාගාරයේ රැදවියන්යන්ට සිය ඥාතීන් හමුවීමට සම්පූර්ණයෙන් නවතා දමා ඇති අතර රැදවියන් නඩු කටයුතු වෙනුවෙන් අධිකරණයන් වෙත රැගෙන යාමද තාවකාලිකව නවතා දමා ඇති බවද වවුනියාව බන්ධනාගාර උසස් නිලධාරියකු සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ නඩු විභාගවලට සාක්ෂි ලබාදීම් ඇතුළු නඩුකටයුතු සිදුකරන අතර අනෙකුත් නඩු සඳහා වෙනත් දින ලබාගැනීම සිදුකරන බවත් අධිකරණයන් හි බන්ධනාගාරගතකරන පුද්ගලයින් අනුරාධපුර බන්ධනාගාරයට යැවීමට ක්‍රියාකරන බවත් පැවසීය.

රැඳවියන් අතර පැතිර යන සරම්ප වැනි බෝවන රෝගී තත්වයක් හේතුවෙන් එම රෝගී තත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අදාළ තීරණය ගෙන ඇති බවද පැවසීය.

වවුනියාව බන්ධනාගාරයේ රැදවියන් 400 අධික ප්‍රමාණයක් රඳවා සිටින අතර නිලධාරීන් 85 ක ප්‍රමාණයක් සේවය කරයි.

වවුනියාව බන්ධනාගාරය තුළ පවතින සීමිත ඉඩ පහසුකම් හා ප්‍රමාණය ඉක්මවා රැදවියන් සිටීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය ශිඝ්‍රයෙන් සිදුවන බව වවුනියාව සෞඛ්‍ය බලධාරීහූ කියති.

  • සිතුම් චතුරංග
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුකුල් මස් මිල පහළට . . .

Tue Aug 1 , 2023
දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් මිල පහළ දැමීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් අඩු කිරීමට සූදානම් බව ඔවුන් අමාත්‍යවරයාට පවසා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x