සිරකරුවන් වැඩිවෙලා . . .

2023 ආරම්භයත් සමගම  දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම  විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැදවියන්ගේ ප්‍රමාණයේ  සියයට දෙසියකින්  සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දැනට බන්ධනාගාරවල රඳවා සිටින සමස්ත රැඳවියන් 29000ක් බව   බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

දිවයිනේ සමස්ථ බන්ධනාගාර ආයතන තුළ සත්‍ය වශයෙන් රැදවිය හැකි ප්‍රමාණය 13241 වුවත්, දැනට බන්ධනාගාර ආයතන වල රැදවියන් 19000 ක‍ට ආසන්න ප්‍රමාණයක් සැක කරුවන් ලෙසත්, 10000 ක‍ට ආසන්න ප්‍රමාණයක් සිර කරුවන් ලෙසත්, රඳවා සිටින බව හෙතෙම පැවසීය.

ඒ අනුව, සමස්ථ බන්ධනාගාර ආයතන තුළ දිනෙන් දින රැදවියන්ගේ තදබදය හා බන්ධනාගාර ගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව පෙනී යන බවද හෙතෙම පැවසීය.

  • ඉන්දිකා  රාමනායක සහ යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දොස්තරලාට වැටුප් වර්ධකයක් . . .

Tue Aug 1 , 2023
වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ. ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍යවරුන් රට හැර යාමට පෙළඹී ඇති බවත් මෙයට විසඳුමක් ගැනීමට රජය කටයුතු නොලහොත් වෛද්‍ය හිගයක් ඇති විය හැකි බවත් ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x