ව්‍යාජ වීසා පෙන්වා ඉතාලියට පනින්න ගිය යුවළක් අත්අඩංගුවට . . .

කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්‌තේ යාපනය , චන්කනායි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් සහ 28 හැවිරිදි තරුණියකි.

මෙම යුවළ ඊයේ සවස 05ට අබුඩාබි බලා පිටත්ව යන එටිහාඩ් ගුවන් සේවයේ EY- 279 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැඳවා, ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ මෙම තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගෙන ති‌බේ.

එහිදී ආගමන විගමන කාන්තා නිලධාරිනියක් කැඳවා තරුණියගේ සිරුර පරීක්ෂා කර ඇති අතර එහිදී ඇයගේ යට ඇඳුම තුළ සඟවා ගෙන තිබූ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් මෙම යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ති‌බේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික උද්‍යාන තාවකාලිකව වසා දැමීමට යයි . . .

Wed Aug 2 , 2023
මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් සතුන්ට දැඩි ලෙස ආහාර සහ ජල අර්බුදයක් මතුවී තිබෙන යාල, උඩවලව සහ විල්පත්තුව ජාතික උද්‍යාන තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි වනජීවි නිලධාරීන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. ජාතික උද්‍යාන වසා දැමීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x