ජල ගාස්තුව 106% කින් ඉහළට . . .

මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් සියයට 62 ක් මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන ජල ගාස්තු සංශෝධනයේදී වතු නිවාසවල ජනතාව සහ සමෘද්ධිලාභීන්ට සහන ලැබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

රුපියල් 812 ක්ව පැවති මසකට ඒකක 15 කට අඩු පාරිභෝගියන්ගේ ජල ගාස්තුව මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1,700 ක් බවට පත්ව සියයට 106 කින් ඉහළ යන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උඩවලව අඩියටම හිඳෙයි . . .

Thu Aug 3 , 2023
වසර විස්සකට පසුව වලව කලාපයට  ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර අද (3)  සවස පැවසීය. උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x