පොහොට්ටුව යළි පිබිදෙයි . . .

පොදුජන එක්සත් පෙරමුණද මේ වන විට රට පුරා ආසන බලමණ්ඩල පිහිටුවමින් එළැඹෙන ඕනෑම මැතිවරණයකට මූණ දීමට බළමුළු ගන්වමින් සිටී. පසුගිය කාලය පුරාවටම දියාරු වී ගොස් තිබුණු පොහොට්ටු රැස්වීම්වලට දැන් දැන් සෙනඟ ඇදෙන්නට පටන්ගෙන තිබේ. පොහොට්ටු ආරංචි මාර්ග පවසන පරිදි මේ වන විට ඔවුන් සියයට 70කට ආසන්න බලමණ්ඩල පිහිටුවා අවසන්ය.

පසුගිය දිනක පොහොට්ටුවේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල පිහිටුවීමේ රැස්වීමක් පැවැති අතර ඊටද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියේය. මෙහිදී පැමිණ සිටි පිරිස ඇමැතූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනානාදු මෙසේ පැවසීය.

‘අපිට ගමට යන්න බෑ කිව්වා. පොහොට්ටුව ඉවරයි කිව්වා. මැති ඇමැතිවරු හැංගුණා ඉල්ලලා අස්වුණා කිව්වා, හොයාගන්න නෑ කිව්වා. හැබැයි අපි කියනවා අද වෙද්දි අපි අපේ ආසනවලින් සියයට හැත්තෑවකට (70%) වඩා බලමණ්ඩල පිහිටුවලා ඉවරයි. ඒ යන හැමතැනම අපිට දෙන පණිවුඩය තමයි ඊළඟට එන්නෙ මොන මැතිවරණයද අපේ පක්ෂය ඕනෙම මැතිවරණයක් ජයග්‍රහණය කරනවා කියන පණිවුඩය .’’

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් . . .

Fri Aug 4 , 2023
රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙනවා. ඒ, ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක  කියා සිටියේ. කෙසේ වෙතත් මෙම හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x