අබුඩාබි වෙත අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් . . .

අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය Air Asia ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම ඊයේ (අගෝ :3) කටුනායකදී සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාලසටහනකට (Scheduled Flights ) අනුව ධාවනය කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මෙම ගුවන් සේවා සමාගම එළඹෙන සැප්තැම්බර් මස මැද භාගයේ සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට බව ය.

ඒ අනුව, මෙම ගුවන් සේවා සමාගම සතු ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, කාර්යක්ෂමතාව ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු කර ඇත.

  • T K G Kapila
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්දගෙන් විදුලිබල මණ්ඩලයට ලක්‍ෂ 27ක පොල්ලක් . . .

Fri Aug 4 , 2023
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 27 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. හිටපු ජනාධිපතිවරයා 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට සහභාගි වන බැවින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x