මත්තලින් කෝටි 2221 ක් පාඩුයි . . .

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙය එහි අදායම මෙන් විසිහය ගුණයක් බවද ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදි කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් පස් ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වේ.

එම විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකය. මඩකලපුව ගුවන්තොටුපොලෙන් කිසිදු ආදායමක් එහි මෙහෙයුම් ආරම්බ කල 2018 වසරේ සිට මේ දක්වා ලබා නොමැති අතර වියදම රුපියල් කෝටි 8.7කි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගීන සංඛ්‍යාව ලක්ෂ දහයක් වුවද පසුගිය වසරේ මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන අතර පසුගිය වසර පහටම ගමන් කර තිබෙන්නේ මගීන් 103,324ක් පමණි.

මත්තල ගුවන්තොටුපොල ඉදිකිරිම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා ඇත.

මෙම තොරතුරු අතුළත් වන්නේ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකය.

  • මුදිතා දයානන්ද
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉවත් කළ විදේශ ඇමතිගේ ඉතිහාසයත් මකාදමයි . . .

Fri Aug 4 , 2023
චීනයේ විදේශ අමාත්‍යාංශය, හිටපු විදේශ අමාත්‍ය චිං ගන්ග් බීජිංහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවති හමුව පිළිබඳ තොරතුරු ඇතුළු ඔහුගේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධ විස්තර සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇතැයි සී.එන්.එන් පුවත් වාර්තා කරයි. චිංගේ පූර්වගාමියා වැන්ග් යී යළි විදේශ අමාත්‍ය ධුරයට පත් කිරීමත් සමග මෙම මකා දැමීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x