රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් . . .

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙනවා.

ඒ, ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක  කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ, අනුව ආනයනික ඉන්සියුලින් තොගය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතය.

මේ වනවිට රජයේ ඖෂධ සැපයුම් අංශයේ ඉන්සියුලින් තොග අවසන් වී ඇති අතර, රෝහල් සායනවලින් ඉන්සියුලින් නිකුත් කිරීමට දැඩි බාධා මතුව තිබෙනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට . . .

Fri Aug 4 , 2023
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි  10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. යාල් නිලා  ලෙස නම්කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරේ ට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා (6) රාත්‍රි 10ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x