මහින්දගෙන් විදුලිබල මණ්ඩලයට ලක්‍ෂ 27ක පොල්ලක් . . .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 27 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හිටපු ජනාධිපතිවරයා 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට සහභාගි වන බැවින් ආරක්‍ෂක පහන් සවිකරන ලෙස කළ ඉල්ලීමකට අනුව තාවකාලික විදුලිය සපයා ආරක්‍ෂක පහන් සවිකර නැවත ගලවාගෙන ගිය බවත් එහිදී ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246.57 වියදමක් දැරූ බවත් එම මණ්ඩලය කියයි.

එම වියදම් මුදල ගෙවන ලෙස දන්වා ඇතත් එය මේ දක්වා ගෙවා නාමැති බව ද විදුලිබල මණ්ඩලයේ වාණිජ හා ආයතනින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වී. වී. ජනෙත් ලිඛිතව පවසයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාහුල් ගාන්ධිට යළි මන්ත්‍රිධූරය . . .

Fri Aug 4 , 2023
අහිමි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ කිරීමටත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත. පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ගුජරාට් හි අධිකරණයක් රාහුල් ගාන්ධි ට එරෙහිව අගමැති නරේන්ද්‍ර මෝදි ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x