ඉම්රාන් ඛාන්ට සිර දඬුවම් . . .

ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

එසේම වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ඉම්රාන් ඛාන් ට ඉස්ලාමාබාද් අධිකරණය තහනම් කර ඇත.

දඬුවම නියම කිරීමෙන් පසුව නිකුත් කළ වරෙන්තුව හේතුවෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව කොට් ලක්පට් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දීමත් එම ත්‍යාග විකිණීමට උත්සාහ දැරීමත් යන චෝදනා වලට ඉම්රාන් ඛාන් වරදකරු වී ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලන්සාගේ සංධානය බැසිල්ට ගැටළුවක් . . .

Sat Aug 5 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ. නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x