කඳු තරණය සහ කඳවුරු බැදීම සම්බන්ධයෙන් තහනමක් . . .

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට අවසර නොමැතිව ඇතුළුවීම, තහනම් කර තිබෙනවා.

ඒ ඊයේ (04) දින සිට බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ  කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් ඊයේ වනජිවී නිලධාරින්, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

ඉදිරියේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක් තරණය කිරීමට එම ප්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබාගත යුතු අතර පසුව එම අනුමැතිය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙය ආරම්භක අවස්ථාවේ දී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නැංවේ. පසුව ඒ සඳහා දුරකථන යෙදවුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරයන් ලබා ගැනීමට කටයුතු කරන බව  වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

  • Krishani

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිල යළි ඉහළට . . .

Sat Aug 5 , 2023
විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසිඑක්වැනිදා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x