නැව් හදන්න ප්‍රංශයෙන් උදව් . . .

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ  ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පොරොන්දු වී ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත.  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ සම්බන්ධයෙන්  ජනපති මැක්‍රොන් දැනුම්වත් කිරීමෙන් පසු  ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාවය පළ කර තිබේ.

නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව කියා ඇත.

ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපතිවරයා මගින් මෙම කටයුතු සම්බන්ධීකරණය කරගන්නා ලෙස ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න . . .

Sun Aug 6 , 2023
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට පාරිභෝගිකයින්‌ගෙන් එම මණ්ඩලය ඉල්ල සිටියි. මේවනවිට දෛනිකව වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළය. එම කාලය තුළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x