පාංසකූලයට රුපියල් 24,000ක් ඉල්ලූ විහාරාධිපති . . .

මියගිය අයෙකුගේ පාංසකූලයට වැඩම කිරීම සඳහා විහාරාධිපති හිමිනමක් විසින් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මියගිය තැනැත්තියගේ පුත්‍රයා විසින් අරලගංවිල පොලිසියට පැමිණිලි කර තිබේ.

පැමිණිල්ලේ දැක්වෙන්නේ තම මව රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා හා ආර්ථික අපහසුතා නිසා වසර දෙකකට පමණ කාලයක් විහාරස්ථානයට දානය දීමට නොහැකි වූ බවයි.

ඒ නිසා තම මවගේ දේහයට පාංශකූලය ට වැඩම කිරීමට නම් රුපියල් 24,000ක මුදලක් විහාරාධිපති හිමියන් ඉල්ලා සිටි බවයි.

අදාළ විහාරාධිපති හිමි පොලීසියට කැඳවා එම තත්ත්වය සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් හිමිනමට කරුණු ඉදිරිපත් කළ ද ඉන් පලක් නොවූ හෙයින් පොලීසිය මැදිහත් වී වෙනත් විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පාංශකූල කටයුතු සිදුකර තිබේ.
විහාරාධිපති හිමිනම පොලීසියේ දී සඳහන් කර ඇත්තේ මෙම පවුල වසර දෙකකට අධික කාලයක් විහාරස්ථානයට දානය නොදුන් නිසා ඊට දඩ මුදලක් වශයෙන් මසකට රුපියල් 1000 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24000 මුදලක් ගෙවන ලෙස දැනුම් දුන් බවයි.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නැව් හදන්න ප්‍රංශයෙන් උදව් . . .

Sat Aug 5 , 2023
මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ  ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පොරොන්දු වී ඇත. ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත.  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ සම්බන්ධයෙන්  ජනපති මැක්‍රොන් දැනුම්වත් කිරීමෙන් පසු  ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාවය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x