ලන්සාගේ සංධානය බැසිල්ට ගැටළුවක් . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ.

නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙලෙස කටයුතු කිරීම පක්ෂයේ කටයුතුවලට ගැටලුවක් වී ඇතැයි ද බැසිල් රාජපක්ෂ ගේ එහිදී පවසා ඇතැයි ද වාර්තා වේ .

නිමල් ලංසා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද, එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර, පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, නිමල් ලන්සා  ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර, ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇතැයි පැවසේ.

  • අජන්ත කුමාර අගලකඩ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හදිසි ඖෂධ මිල දී ගැනීම් නවතයි . . .

Sat Aug 5 , 2023
ඉදිරි මාස කිහිපය ඇතුළත ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ, රටේ ඖෂධ අවශ්‍යතාව සපුරාගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගත් බවය. ඖෂධ නියාමන අධිකාරයේ පවතින අඩුපාඩු පිළිබඳ එල්ල වන චෝදනා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x