හදිසි ඖෂධ මිල දී ගැනීම් නවතයි . . .

ඉදිරි මාස කිහිපය ඇතුළත ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ, රටේ ඖෂධ අවශ්‍යතාව සපුරාගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගත් බවය.

ඖෂධ නියාමන අධිකාරයේ පවතින අඩුපාඩු පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අදහස් පලකළ අතර, අමාත්‍යවරයා පවසන්නේ, ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බවයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සරුංගල් යැවීම සම්බන්ධයෙන් තහනමක් . . .

Sat Aug 5 , 2023
මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව සරුංගල් යැවීම තහනම් කර තිබෙනවා. ඒ ගුවන්තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර 5ක සීමාවක් තුළ අඩි 300ක් ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම සම්බන්ධයෙන් ය. ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම සඳහන් කළේ ඒ හේතුවෙන්  ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ලවන අතර එය දැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x