වාහන දුම් සහතික මධ්‍යස්ථාන වටලයි . . .

වාහන වායු විමෝචන සහතික  (දුම් සහතික) නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිකිරීමට  ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව ,  මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ උපාධිධාරී පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස්කර ඇති බවත් එම නිලධාරියා කීය.

එම මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට හා මාර්ගස්ථ අහඹු වාහන පරීක්ෂාවන්  කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ  අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කඳු තරණය සහ කඳවුරු බැදීම සම්බන්ධයෙන් තහනමක් . . .

Sat Aug 5 , 2023
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට අවසර නොමැතිව ඇතුළුවීම, තහනම් කර තිබෙනවා. ඒ ඊයේ (04) දින සිට බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ  කියා සිටියේ ය. ඒ සම්බන්ධයෙන් ඊයේ වනජිවී නිලධාරින්, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ඉදිරියේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x