NVQ සහතික නිකුත් කරන ආයතන 81ක් අත්හිටුවයි . . .

NVQ සහතිකපත්‍ර පාඨමාලා පිරිනමන ආයතන 81ක් පමණ ප්‍රමිතියෙන් බාල වීම හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති බව කෝප් කමිටුවේ තෘතීයික අධ්‍යාපනය පිළිබඳ අනුකමිටු අනාවරණය කරයි.

එම ආයතනවල නම් පුවත්පත් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමට සහ ඒවා තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිසි යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අනුකාරක සභාව නිර්දේශ කළේය.

අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, වැනි ආයතන රැසක නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුකාරක සභා රැස්විය.

Ceylon German Technical Training Institute සහභාගී විය. ව්‍යාජ NVQ සහතික හඳුනාගෙන වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළේය.

සහතිකයේ QR කේතය හරහා ව්‍යාජ සහතික හඳුනා ගත හැකි වුවද නීතිමය පියවර ගැනීමට පනතේ අඩුපාඩු පවතින බවත් එම නිසා එම අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීමට උපදෙස් දුන් බවත් කමිටුව පවසයි.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවුරුදු 10ට වැඩි දැරියන්ට පාසල් අධ්‍යාපනය තහනම් . . .

Sun Aug 6 , 2023
ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට පළාත් කිහිපයක මේ වන විටත් අදාළ තහනම ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව අවුරුදු 10ට වැඩි දැරියන් පාසල් හෝ අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර නොගන්නා ලෙස තලෙයිබාන් පාලනය විසින් අදාළ බලධාරීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x