කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ද ඉංජිනේරු පීඨයට අයත් භූමියේ ඇති වූ ගින්නක් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පාලනය කල බවට යුදහමුදාව පැවසීය.
කිලිනොච්චිය ඉංජිනේරු පීඨ භූමියේ ඇති වූ අදාල ගින්න නිවාදැමීමට පළමුව විශ්විවද්‍යාල සිසුන් උත්සහ ගත්තද එය අසාර්ථක වීමෙන් අනතුරුව 57 වන සේනාංකයට දැනුම් දීමෙන් අනතුරුව එහි සේනංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් විසින් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසක් අදාල ගින්න නිවාදැමීම සඳහා යොමුකරනු ලැබීය.
අනතුරුව ගින්න නිවාදැමීම සඳහා කිලිනොච්චිය ගිනිනිවන ඒකකයටද දැනුම් දී එහි ජල බවුසරද ආධාරයෙන් පැය කිහිපයක ප්‍රයත්නයකින් අනතුරුව ගින්න නිවා දැමීමට කටයුතු කෙරුණි.
අදාල ගින්න ඇතිවූවේ කෙසේද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති වී ඇති අතර පවතින අධික පෑවිල්ල හේතුවෙන් ගෙවතු හෝ අවට පරිසරය ගිනිතැබීමෙන් වලකින ලෙසටත් උතුරේ ජනතාවගෙන් ආරක්ෂක අංශ වැඩිදුරටත් ඉල්ලා සිටියි.
- වන්නි රොමේෂ් මධුෂංක