තහනම් කල බොර තෙල් නැව නැවතත් මෙරටට . . .

නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරන ලද බොර තෙල් නැවක් එම නියෝග නොතකමින් නැවතත් මෙරටට පැමිණීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

එළඹෙන දෙසැම්බර් මාසයේදී ඒ හරහා බොරතෙල් ගොඩබෑමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබියදී නීතිපතිවරයා විසින් එම නැව මෙරටට ඇතුළුවීම තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් නම හා ලියාපදිංචි රට වෙනස් කර නැවත මෙරටට ළඟා වීමට සූදානමින් පසුවෙයි.

දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ඉන්දුනීසියානු ධජය යටතේ ලියාපදිංචි කරමිනි.

මෙම නැව මීට පෙර ලංකාවට බලා පැමිණෙමින් තිබියදී නීතිපතිවරයා විසින් එය මෙරටට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර තිබුණේ ගනුදෙනු නීත්‍යානුකූල නොවන බව සඳහන් කරමිනි.

මෙරටට මහා පරිමාණයෙන් බොරතෙල් සපයන සැපයුම්කරුවකු දේශපාලන සබදතාවක් සමඟ මෙම ගණුදෙනුව පසුපස සිටින බව ද හෙළි වී ඇත.

මෙම නෞකාව රුසියාවේ සිට මුලින්ම පිටත්ව මෙරටට ළඟා වීමට නියමිතව තිබුණේ ජූලි මාසයේදීය.

නීතිපතිගේ නියෝගයක් සමග මේ වනතුරු නැව ජාත්‍යන්තර මුහුදේ රඳවා ගෙන සිටී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදේශ ගත ලාංකිකයින් පිරිසකට සිදු වූ අවාසනාවන්ත ඉරණම . . .

Mon Aug 7 , 2023
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, නිසි ලියකියවිලි සහ තාවකාලික ගමන් බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ පදිංචිව සිට විදේශ ගතවී සිටි ලාංකිකයින් 62 දෙනෙකු කුවේටයෙන් පිටුවහල් කර ඇති බව වාර්තා වනවා. පිටුවහල් කරන ලද පුද්ගලයින්ගෙන් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගෙන ඇති බව ශ්‍රී ලංකාවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x