දුරකතනය උදුරගන්න චීන කතට පොල්ලකින් ගහලා . . .

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියට මහනුවරින් ගෙඩ වූ චීන කතක අවට පරිසරය දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගය අයිනේ ගලක්මත සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.

තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව , ඇයගේ සැමියා සහ දියණිය සමග  ඇල්ල දුම්රිය ස්ථානය  ගමන් කරන අතරවාරයේ  සිය ජංගම දුරකථනයෙන් සුන්දර ස්ථාන විඩියෝගත කරමින් ගමන් කර ඇත.

නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ අභියස රැදි සිටි තරුණයන් තිදෙ‍ෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වි ඇති අතර , පහර දිම නිසා ඇයගේ අතට තුවාල සිදු වි ඇත.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, රංජිත් රාජපක්ෂ සහ ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කිලිනොච්චි සරසවි බිම ගිනිගනී . . .

Mon Aug 7 , 2023
කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ද ඉංජිනේරු පීඨයට අයත් භූමියේ ඇති වූ ගින්නක් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පාලනය කල බවට යුදහමුදාව පැවසීය. කිලිනොච්චිය ඉංජිනේරු පීඨ භූමියේ ඇති වූ අදාල ගින්න නිවාදැමීමට පළමුව විශ්විවද්‍යාල සිසුන් උත්සහ ගත්තද එය අසාර්ථක වීමෙන් අනතුරුව 57 වන සේනාංකයට දැනුම් දීමෙන් අනතුරුව එහි සේනංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x