වාහන කොල්ලකන සීසර්ලාට නඩු . . .

ලීසිං වාරික ගෙවීම් ප්‍රමාද වූ විට එම සමාගම් විසින් මෙහෙයවන සීසර්ලා විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු ආකාරය ගැන පොලිසිය නිවේදනයක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව පොලිසිය පවසන්නේ, කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බවයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ, වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ පසු ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම පොලිස් නිලධාරීන් ලබදෙනු ලබන්නේ එම ක්‍රියාවලියේ දී යම් සාමය කඩවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහායි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කළේ ලීසිං සමාගම් තවමත් අසාධාරණ ලෙස වාරික අයකරන බවයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය . . .

Mon Aug 7 , 2023
නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබ‍ඳ ආරක්ෂක ඒජන්සිය බිය බළ කර ඇත්තේ මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවය. එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් Eris යන නමිනි. මෙය ‘කොවිඩ් 19’ ඔමික්‍රෝන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x