බස් රථවලට විද්‍යුත් ටිකට් පතක් . . .

පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ  අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී  සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවැසූයේ ,

ජාතික බස් සංගම් හතක් ද මේ වන විට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බවත් පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ  ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ  ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය එහිදී සඳහන් කළේය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අඹ සහ පේර ගස් වෙනුවට වැල් . . .

Tue Aug 8 , 2023
අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව කෘෂි තාක්ෂණය අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ. මේ වනවිට මෙම නව කෘෂි තාක්ෂණය දඹුල්ල වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති කෘෂිකාර්මික උද්‍යානයේ ( A Park- Agricultural park) සාර්ථක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x