සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට . . .

යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක්  සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි.

දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට යුනිසෙෆ් ආයතනය, සබරගමු පළාත් සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන මගින් සබරගමු පළාතේ පෙර පාසල් 146ක ළමුන් 3100 කට පමණ දිවා ආහාරය ලබා දේ.

මෙම අවස්ථාවට යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර්, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර, පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු කෝරාලෙගෙදර  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

EPF පනත සංශෝධනයට අනුමැතිය හිමිවෙයි . . .

Tue Aug 8 , 2023
  සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ (07) පැවැත්වුණි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x