දුම්රිය හරස් මාර්ගයක් දින තුනක් වැසෙයි . . .

පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර සැ. 160 දම්. 69 දරණ ස්ථානයේ පිහිටි ‘මානික්කම් පට්ටිය’ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ මස 10 වැනිදා පෙරවරු 7.00 සිට 11 වැනිදා රාත්‍රී 8.30 දක්වා අර්ධ වශයෙන් ද, 12 වැනිදා පෙරවරු 7.00 සිට 13 වැනිදා රාත්‍රී 8.30 දක්වා සම්පූර්ණයෙන් ද, වාහන ගමනා ගමනය සඳහා සම්පූර්ණයෙන් ද, වසා තබන බව එම දෙපාර්තමේන්තුව කියයි.

එම කාලය තුළ දුම්රිය සැ. 160 දම්. 42 දරණ ස්ථානයේ පිහිටි මුස්ලිම් කොළණි පාර දුම්රිය හරස් මාර්ග ඔස්සේ වාහන ධාවනය කළ හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදඟන් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි කප්පාදුවක් නෑ . . .

Tue Aug 8 , 2023
රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති අතර, ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x