ලොතරැයි අලෙවිය 50%කින් අඩුවෙලා . . .

ලොතරැයි පතක මිල රුපියල් 40ක් බවට පත් කිරීමත් සමග ලොතරැයි පත් අලෙවිය 40%ත් 50%ත් දක්වා අඩු වී තිබෙන බව සමස්ත ලංකා ලොතරැයි පත් අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.

රුපියල් 20ක්ව පැවැති ලොතරැයි පතක මිල පසුගිය 06වැනි දින සිට රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමත් සමග ලොතරැයි පත් අලෙවිය මේ ආකාරයට පහත වැටී තිබෙන බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ පෙන්වාදෙයි.

මේ පිළිබඳව අවධානය යොමු කර ලොතරැයි පතක මිල රුපියල් 20ක් බවට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරයි.

ලොතරැයිපත් අලෙවිය අඩු වීම නිසා අලෙවි නියෝජිතයන්ගේ හා අලෙවි සහායකයන්ගේ කොමිස් මුදල් අඩු වී තිබෙන බවත්, බොහෝ අලෙවි සහායකයන් මේ වනවිට ලොතරුයි අලෙවියෙන් ඉවත් වී තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

පවතින මිලට අනුව අලෙවි නියෝජිතයෙකුට ටිකට්පත් දහසක් මිලදී ගැනීමට රුපියල් 32,500ක මුදලක් අවශ්‍ය බවත්, මීට පෙර එය රුපියල් 16,225ක මුදලක් පමණක් වූ අතර ටිකට්පත් තොග මිලදී ගැනීමට පෙර මුදල් ලබාදිය යුතු බවත් හෙතෙම පවසයි.

ලොතරැයි පත් අලෙවිය අඩු වීමත් සමග රජයට දෛනිකව ලැබිය යුතු මුදල් ප්‍රමාණයද අඩු වී තිබෙන බැවින් ලොතරැයි අලෙවියෙන් ලැබෙන මුදල්වලින් පවත්වාගෙන යන අරමුදල් පවා අර්බුදයකට ලක්විය හැකි බව ඔවු අවධාරණය කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිල ගැන නාමල් රාජපක්ෂ කියයි . . .

Wed Aug 9 , 2023
විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ ය. මාධ්‍ය වෙත අදහස් දක්වමින්  කියා සිටියේ තමාට හෝ තම පියාට කිසිදු විදුලි බිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි. එමෙන්ම තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත්, මංගල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x