විමල්ගේ වත්කම් නඩුව . . .

වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විමල් වීරවංශ වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 27 වැනිදා වාචික දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද නියම කළේය.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෛන් වාචික දේශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට විත්තිකාර විමල් වීරවංශ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත.

  • මනෝප්‍රිය ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේට කඳුළු ගෑස් ප්‍රහාරයක් . . .

Thu Aug 10 , 2023
ටවුන්හෝල් වෙත ළඟාවූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. මීට පෙර කිරුළපන ප්‍රදේශයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x