ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරයි . . .

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු සඳහා අදාළ වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 

එහි දැක්වෙන්නේ, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය ක‍ර ඇත.

මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළෙඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම මඟින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමට අපේක්ෂා කරනු ලබන අතර, එමගින් වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහ ප්‍රසාරණය කිරීමටත් හැකි වනු ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම අපේක්ෂා කරන අතර, මහ බැංකුව විසින් වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරමින්, අවශ්‍ය වුවහොත් වෙළෙඳපොළ ණය අනුපාතික අඩු වීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ද ගනු ලබනු ඇති බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොතරැයි අලෙවිය 50%කින් අඩුවෙලා . . .

Wed Aug 9 , 2023
ලොතරැයි පතක මිල රුපියල් 40ක් බවට පත් කිරීමත් සමග ලොතරැයි පත් අලෙවිය 40%ත් 50%ත් දක්වා අඩු වී තිබෙන බව සමස්ත ලංකා ලොතරැයි පත් අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි. රුපියල් 20ක්ව පැවැති ලොතරැයි පතක මිල පසුගිය 06වැනි දින සිට රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමත් සමග ලොතරැයි පත් අලෙවිය මේ ආකාරයට පහත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x