ඉම්රාන් ඛාන් හිරේ දමා පාර්ලිමේන්තුව විසුරුවයි . . .

පසුගියදා පකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් සිරගත කළ අතර වත්මන් අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් මත එරට ජනාධිපති අසීෆ් අලී විසින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

මහ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට සූදානම් වන නුමත් එරට මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණය තවත් කල් යෑමට ඉඩ ඇති බවය.

පාකිස්තානය මේ වනවිට ආර්ථික අර්බුදයකට මෙන්ම දේශපාලන අර්බුදයකටද මුහුණ පා සිටී.

දූෂණ චෝදනාවලට වරදකරු වී බන්ධනාගාරගත කළ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 05ක් දේශපාලනය තහනම් බැවින්, ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණ ඉම්රාන්ට අහිමි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉම්රාන් ඛාන්ට ධුරය අහිමි වූයේ පසුගිය 2022 අප්‍රේල් මාසයේය. ඒ, විපක්ෂ සන්ධානය, ඉම්රාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වීමෙනි.

විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙනා විපක්ෂ සන්ධානයට නායකත්වය දුන්නේ එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය බලයට පැමිණියේ 2018 මහ මැතිවරණයෙනි. අදටත් පාකිස්තානයේ ජනප්‍රියතම දේශපාලන තරුව ලෙස සැලකෙන්නේ ද ඉම්රාන් ඛාන්ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියා හදිසියේම අත්අඩංගුවට . . .

Fri Aug 11 , 2023
සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනුණා. බදු නොගෙවීම මත හම්බන්තොට වරාය ගාල් කර ඇති මෝටර් රථ නිදහස් කර දෙන බව පවසමින් පුද්ගලයින් කිහිප ගෙන් මුදල් වංචා කිරීමේ චෝදනා කිරීම මත තමයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. මෝටර් රථ තුනක් නිදහස් කර දීමට මොහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x