මහ බැංකුව කෝටි 20,000ක් මුදා හරියි . . .

බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08) රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.

එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙම තීරණය හේතුවෙන් රුපියල් බිලියන 200 ක් පමණ මුදලක් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

එමගින් බලපත්‍රලාභී බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමට බැංකුවලට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අර්බුදයට හේතුව නායකයන් පසුබට වීමයි . . .

Thu Aug 10 , 2023
මෙතරම් දරුණු අර්බුදයක් ඇති වූයේ ආර්ථිකයට අදාළ නිවැරදි තීන්දු ගැනීමට  දේශපාලන නායකයන් පසුබට වීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. රටේ ආර්ථිකය කිසිදා නොවූ විරූ අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස  ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයා බැලුවේ නැතැයි ද ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුයේ යැයිද ජනාධිපතිවරයා කීය. ජනාධිපති රනිල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x