මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ වෙනුවෙනට වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපැයු එහි ලේඛනාගාරයේ සේවකයකු අද (10) නාරහේන්පිට දී පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු භාවිතා කළ රුපියල් කෝටි 2 ට ආසන්න වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
භාවිතයට නොසුදුසු බවට නිර්දේශ කරමින් ධාවයෙන් ඉවත් කරන වාහන අංක වලට නියම හිමිකරුවන්ගේ නම් ඉවත් කර වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමෙන් කාලයක සිට එහි සේවකයන් පිරිසක් විසින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
ශ්‍රි ලංකාවේ ධාවනය වන වාහන 400 ට අධික ප්‍රමාණයක අයිතිකරුවන් වශයෙන් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.
- ඉන්දිකා රාමනායක