ඇරියස් වාහන බලෙන් උස්සන්න බෑ . . .

කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පරාටේ බලතල යටතේ යම් දේපොලක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ . . .

Fri Aug 11 , 2023
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. විජිත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x