ආදිවාසී ජනතාව සැළකිල්ලට ලක්විය යුතුයි . . .

මෙරට ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටළු පිළිබඳව සොයා බැලීමට එම ගම්මානවලට සංචාරය කරන බවත් අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් සැළකිල්ලට ලක් නොවන පිරිසක් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

භාෂාවෙන් හෝ සිරිත් විරිත්වලින් වෙනස්කම් තිබුණත් මේ මහා සංස්කෘතිය තුළ අප සියලු දෙනාම එකම මිනිස් කොට්ඨාසයක් බව කී අමාත්‍යවරයා මතු වී ඇති ගැටළු සඳහා විසඳුම් හොයන්න සියලු දෙනාම එක් වී වැඩ කළයුතු බව ද සදඟන් කළේය.

අපේ උරුමයක් වූ ආදිවාසී ජනතාවගේ වටිනාකම ලෝකය වෙත ගෙන යෑමට විශේෂ වැඩසටහනක් සකස් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

දඹාන, කොටබකිණිය ගම්මානයේදී ලෝක ආදිවාසී දින සැමරුම් දිනට සමගාමීව පැවැති සැමරුම් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිලින්ද මොරගොඩගේ සේවා කාලය ඔක්තෝබර් අවසන් . . .

Sun Aug 13 , 2023
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්  මිලින්ද මොරගොඩ ගේ නිලකාලය ලබන ඔක්තෝබර් මස 01 වැනි දායින් අවසන් වේ. මිලින්ද මොරගොඩ  ඉකුත් 2021 වසරේ අගෝස්තු මස  29 වැනි දින  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත් කරනු ලැබීය. මොරගොඩ කැබිනට් බලතල සහිත මහකොමසාරිස්වරයකු ලෙස පත් වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x